චීනයේ සමාජ මාධ්‍ය නෑ / ලංකාවෙත් තහනම් කළ යුතුයි – ඇමති නිමල් සිරිපාල

සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් , ඔහු කියා සිටියේ ළමා අපචාර ඇතුළු අපරාධ රැසක් වර්ධනයවීමට සමාජ මාධ්‍ය සියයට 90කින් වගකිව යුතු බවයි.
චීනයේ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක නොවන අතර ලංකාව ද එවන් පියවරක් අනුගමනය කිරීම හෝ දැඩි නියාමනයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවයි නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.
තමන් මේ පිළිබද අවස්ථා කිහිපයකදීම කැබිනට් මණ්ඩලය තුල අදහස් දක්වා ඇතැයි ද ඔහු පැවසුවා.
ෆේස් බුක් හා වෙබ් අඩවි පිළිබද මේ යටතේ දැඩි පියවර ගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.

සටහන – චීනයේ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කිරීම පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් වන අතර චීනයේ නිෂ්පාදිත හා චීන ජාතිකයන්ට පමණක් භාවිත කළ හැකි වෙයිබෝ වැනි සේවාවන් රැසක් එරට තුල භාවිත කරනු ලබයි.
චීනයේ බටහිර නිෂ්පාදිත සමාජ මාධ්‍ය සීමා කර ඇත්තේ දේශපාලනික අරමුණු වෙනුවෙන් වන අතර බාහිර ලෝකය හා චීන ජාතිකයන් සම්බන්ධවීම සීමා කිරීම එහි මූලික අරමුණකි. ලංකාවේ සමාජ මාධ්‍ය සම්බන්ධ නීතියක් නොමැති බව පැවසීම ද අසත්‍ය කරුණක් වන අතර ඊට අදාළ නීති රැසක් මෙරට තුල ක්‍රියාත්මකය. වරද පවතින්නේ සමාජ මාධ්‍ය තුල නොව නීතිය නිසි දැඩිව ක්‍රියාත්මක නොවීම හා නීති සම්පාදකයන් පාර්ලිමේන්තුවේ නිද්‍රාශීලීව කාලය ගත කිරීම හේතුවෙන් බව අපගේ අදහසයි.

The post චීනයේ සමාජ මාධ්‍ය නෑ / ලංකාවෙත් තහනම් කළ යුතුයි – ඇමති නිමල් සිරිපාල appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views