දින 42ට ලංකාවේ ළමුන්ගේ ‘අශ්ශීල දර්ශන 17,629ක්’ අන්තර්ජාලයට!

ළමුන් අශ්ශීල දර්ශන සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිටුවා ඇති ඒකකයක් මගින් පසුගිය ජුනි මස 17වන දින සිට ඊයේ (28) දක්වා එවන් අවස්ථා 17,629ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

එම දර්ශන අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් සෙවීම සඳහා අද (29) සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.

The post දින 42ට ලංකාවේ ළමුන්ගේ ‘අශ්ශීල දර්ශන 17,629ක්’ අන්තර්ජාලයට! appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views