83 කළු ජුලියේදී දෙමළ කඩ කඩන්න මමත් සම්බන්ද වුනා.. හමුදාව, පොලීසිය බලාගෙන හිටියා – ඉතිහාසයේ අදුරු මතකය ගැන නිර්මාල් කතා කරයි (වීඩියෝ)

ලංකා ඉතිහාසයට අදුරුතම කළු පැල්මක් එකතුකරමින් 1983 ජුලී මාසයේ මෙරට ඇතිවු ජාතිවාදී කෝලහාල වලට තමන්ද සම්බන්ද වු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. සමාජ මාද්‍ය හරහා සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නෙ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකු වශයෙන් සිටින අවධියේදී දෙමළ ජාතිකයින්ට එරෙහි මෙම සංහාරය ආරම්භ වු බවයි. මොරටුව රාවතාවත්තේ ගාලු පාරේ දෙමළ ජාතිකයෙකුට අයත් පලතුරු කඩයක් කඩා දැමීමට තමන් සම්බන්ද වු බවද එම සිදුවීම දෙස පාසලේ ගුරුවරු , හමුදාව හෝ පොලීසිය බලා සිටියමුත් ඊට විරෝධය පෑමක් සිදුනොකල බවයි. මෙම ක්‍රීයාවන් සදහා එවකට රජයට සම්බන්ද සන්නද්ධ කණ්ඩායම් ලංගම බස් රථ යොදාගෙන කණ්ඩායම් වශයෙන් සම්බන්ද වු බවත් ඊට අමතරව මෙම කටයුතු සදහා අසංවිධානාත්මකව සම්බන්ද වු පිරිස්ද සහභාගී වු බව ආචාර්ය දේවසිරි මහතා පවසයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය විසදීමට එවැනි ප්‍රතිචාරයක් දැක්වීම කලයුතු බව එම වකවානුව වනවිට ජාතිකවාදී රැඩිකල් මතයක් දරපු තමා විශ්වාස කල බව ඔහු පවසයි. කෙසේ වෙතත් අද වනවිට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්දයෙන් ඊට…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views