නීතිවිරෝධී ගවඝාතකාගාර වැටලීමටත් බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදාගෙන සිටින පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමටත් ඇමති සරත් වීරසේකර උපදෙස් දෙයි.

නීතිවිරෝධී ගවඝාතකාගාර වැටලීමටත්
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදාගෙන සිටින
පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමටත්
ඇමති සරත් වීරසේකර උපදෙස් දෙයි.

පසුගියදා මහියංගනයේ පොලිස් ස්ථාන කිහිපයක් නිරීක්ෂණ චාරිකාවට එක්වුණු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමාත්‍යතුමා පොලිස් නිලධාරීන් සමඟ කථාබහේදී කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ සේවය මහජනතාව අතර සුහදශීලීත්වයක් ගොඩනගා ගත යුතු බවත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මා ගැන තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කිරිමට නම් නිලධාරීන් තම රාජකාරිය 100% නිසි ආකාරව සිදු කළ යුතු බවයි.

මීට අමතරව අමාත්‍යතුමන් අදහස් දක්වමින් කියා සිටියේ යම් ප්‍රදේශයක නීති විරෝධි ලෙස ගවගාථකාගාර පවත්වාගෙන යයිද අවසර ලත් ගවගාථකාගාර තුල අවසරයන් උල්ලංගනය කරමින් ගවයන් ගාථනය කරයිද ඒ සියලුම ගාථකාගාර පරීක්ෂා කර වැටලීම් සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි.

තවද රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ පිළිස්සි මියගිය බාලවයස්කාර දැරිය පිළිබඳව මාගේ අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර 100% ක් නිවැරදි පරීක්ෂණයක් පවත්වා මේ සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මා අදාළ අංශ සඳහා උපදෙස් ලබා දී ඇත. මේ වන විට එම මරණය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති බැවින් හැකි ඉක්මනින් මෙයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දීමට මා කටයුතු කරනවා.

මෙවැනි අහිංසක දරුවන් කෙලෙසා පහත් ආශාවන් ඉෂ්ට කර ගත් කිසිදු පුද්ගලයෙකුට නීතියෙන් ගැලවී යාමට ඉඩ නොදෙන බවයි. කොළඔ දිස්ත්‍රික්කය තුළ හා අනෙකුත් ප්‍රදේශයන් වල ග්‍රාමසේවක නිලධාරින් දැනුවත් කර බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන පුද්ගලයින් සම්බන්ධව තොරතුරු සොයා බලන්නටත්, ඈත පිටිසර ගම්මාන වලින් බාලවයස්කාර දරුවන් රැකියා සඳහා හා මෙහෙකාරීන් ලෙස යෙදවිමට සම්බන්ධ වන තැරැව්කරුවන්ව ද අත්අඩංගුවට ගන්නා බවයි.

තම පොලිස් බල ප්‍රදේශයේ බාලවයස්කාර දරුවන් මෙහෙකරුවන් ලෙස රදවාගෙන සිටි නම් හැකි ඉක්මනින් පොලිසිය දැනුවත් කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, පොලිසියට නියෝග දී ඇත්තේ මහජනතාව දැනුවත් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්න ලෙසයි.

වැඩි දුරටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ සමාජ මාධ්‍ය භාවිතා කරන සියලු දෙනා ද මෙවැනි බාලවයස්කාර දරුවන් අපයෝජනය කරන, මෙහෙකාරියන් ලෙස සගවා සිටින පුද්ගලයින් පිළිබඳව නිවැරදි තොරතුරු ඇත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views