තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයට එන පොට හොඳ නැති පාටයි – මහාචාර්ය රොහාන් සමරජීව

“ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය: ප්‍රශ්නය මානව සම්පතයි “ යනුවෙන් මා විසින් ලියන ලද තීරු ලිපියක් මගින් මෙම ක්ෂේත්‍රය, එහි තීරණාත්මක ආදානය වූ මානව සම්පත සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව පෙන්වා දෙන ලද්දේ වසර එකොළහකට පෙර දී ය. අපගේ තෘතීය අධ්‍යාපන ආයතනවලින් අප ඉල්ලා සිටිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ සාකච්ඡාවකට සුදානම් වීම සඳහා එම ලිපියට යොදාගත් මුලාශ්‍ර මම නැවත පරීක්ෂා කළෙමි. අළුත් දත්ත දෙස බැලුවෙමි.  එය සතුටුදායක පින්තූරයක් නොවී ය. පසුගිය දශකය තුල අප වර්ධනයක් අත් කරගෙන නැතිවා පමණක් නොව පසු බැසීමකට ලක්වීමේ අනතුරට ද මුහුණ දී සිටිමු.

මෘදුකාංග සහ ව්‍යාපාර ක්‍රියාවලි බැහැරින් ලබා ගැනීම ගැන මේ දිනවල වැඩි අවධානයක් යොමු වන්නේ නැත. අවධානය යොමුවී ඇත්තේ ආහාර සුරක්ෂිතතාවයට සහ ලංකා තේ වල අවසානය ආදියටය. එසේ වුව ද, අපි මෘදුකාංගවලට, දැනුම් ක්‍රියාවලි බැහැරින් ලබා ගැනීමට සහ ඊට සම්බන්ධ කටයුතුවලටද අවධානය යොමු කළ යුත්තෙමු.  පොහොර සහ වාහන ආනයනය තහනම් කිරීම ආදිය ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයට තාවකාලික විසඳුම් පමණකි. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අප අවශ්‍ය තරම් අපනයන සිදු නොකිරීම, අපගේ අපනයන අවශ්‍යතරම් විවිධාංගිකරණය නොවීම සහ ඉහළ වටිනාකම් එකතුවකින් යුතු නොවීම යි.

ආනයන මත අඩුවෙන් රඳා පවතින අපනයන

ආණ්ඩුවේ නොමග ගිය ආනයන සීමා කිරීම් අපගේ අපනයන බොහොමයකට හානි කිරීමට ඉඩ ඇත. පොහොර, වල් නාශක සහ කෘමි නාශක වැනි නැතුවම බැරි ආදානයන් සීමා කිරීම හෝ බලපත්‍ර මත ආනයනය කිරීමට නියම කිරීම හෝ මගින් වේගයෙන් වර්ධනය වෙමින් ඇති පලතුරු, එළවළු සහ ශාක පත්‍ර අපනයනය මරා දැමීමට හෝ අඩපන කිරීමට හෝ ඉඩ ඇත. තේ ගැන ඇතිතරම් කතා කොට තිබේ.

2020 වසංගත වසරේ දී පවා ඇමෙරිකානු ඩොලර බිලියන 4.4 ක් ලබාදුන් රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්‍රය අපනයන සඳහා වැඩි ම දායකත්වය දෙන (සියයට 44 ක්) අතර ම විශාල ම ආනයනකරුවෙක් ද වෙයි. 2020 දී සමස්ත ආනයනයෙන් මෙම ක්ෂේත්‍රයට කළ ප්‍රමාණය සියයට 14.5 කි. ආනයන ක්‍රියාවලියට ඝර්ෂණය එකතු කරන විට අපනයනයට හානි සිදුවනු ඇත. ආර්ථිකයේ වැරදි කළමනාකරණයට විසඳුම් දීම සඳහා නිලධාරීන්ගේ ඊටත් වඩා අකාර්යක්ෂම මැදිහත්වීම් යොදා ගැනීමට යාමෙන් අප වේගයෙන් ඇදී යනු ඇත්තේ 1990 ගණන් මුල දී විසුරුවා හරින ලද ආකාරයේ දුෂිත බලපත්‍ර රාජ්‍ය ක්‍රමය වෙතට ය.

ආනයන ක්‍රියාවලියට ඝර්ෂණය එකතු කරන විට අපනයනයට හානි සිදුවනු ඇත. ආර්ථිකයේ වැරදි කළමනාකරණයට විසඳුම් දීම සඳහා නිලධාරීන්ගේ ඊටත් වඩා අකාර්යක්ෂම මැදිහත්වීම් යොදා ගැනීමට යාමෙන් අප වේගයෙන් ඇදී යනු ඇත්තේ 1990 ගණන් මුල දී විසුරුවා හරින ලද ආකාරයේ දුෂිත බලපත්‍ර රාජ්‍ය ක්‍රමය වෙතට ය.

මෘදුකාංග සහ එයට සම්බන්ධ කර්මාන්ත (විවිධ යෙදුම් වලින් හැඳින්වුව ද, අපි තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය යන්න යොදා ගනිමු) සඳහා ආනයනික ආදාන අවශ්‍ය වන්නේ ඉතා සුළු වශයෙනි. පරිගණක සහ ඇතැම් සේවා ලබාගැනීමේ පහසුකම් නොමැතිව ඒවාට ක්‍රියාත්මක විය නොහැකිය යන්න සත්‍ය වුව ද, බොහෝ සාම්ප්‍රදායික නිෂ්පාදන සහ කෘෂිකාර්මික කර්මාන්ත වලට සාපේක්‍ෂව ආණ්ඩුවේ මෝඩකම්වලට ගොදුරු වීමේ අවදානම අඩු ය.

විනාශයක් කරා ඇදී යන වත්මන් තත්ත්වය ආපසු හැරවීමේ දුෂ්කරතාවය ඉදිරියේ, බලපත්‍ර රාජ්‍යයක තහනම් තහංචිවලින් යම් ප්‍රමාණයකට හෝ ආරක්‍ෂිත අපනයන ප්‍රවර්ධනය කිරීම ඥානාන්විතය. ජාතික අපනයන උපාය මාර්ගයේ ප්‍රමුඛතාවය දෙන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය ඒ සඳහා හොඳ තෝරා ගැනීමකි. ස්වශක්තිය මත විශ්වාසය තැබීම යටතේ පවා උතුරු කොරියාව චීනයට ගල් අඟුරු අපනයනය කරන්නේ, නායකත්වයේ මෝටර් රථ පෙරහර සඳහා හෝ ඉන්ධන ආනයනය කරගත හැකි වනු පිණිසය.

ප්‍රශ්නය මානව සම්පතයි

තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය සඳහා විශාලතම සහ අතිශය තීරණාත්මක ආදානය වන්නේ අදාල කුසලතා සහ පුහුණුව සහිත සේවක සමූහයයි. ඒ ටී කර්නි සමාගම විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ගෝලීය සේවා ස්ථාන දර්ශකය (GSLI), මේ ක්ෂේත්‍රයේ සේවා සඳහා කොන්ත්‍රාත්වලට ඇතුළත් වන්නන් භාවිතා කරන ප්‍රධාන තොරතුරු මුලාශ්‍රයකි. ශ්‍රී ලංකාව ශ්‍රේණියෙන් ඉහළ යමින් සිටිය දී, ව්‍යාපාර කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ශනීය තත්ත්වය ගැන කතා කිරීමට තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ආයතනය මෙම දර්ශකය බොහෝ සේ යොදා ගත්තේ ය. එබැවින්,  GSLI දර්ශකය භාවිත කරන්නකු ශ්‍රී ලංකාව පිළිබඳව ඇති කරගත හැකි සංජානනය පරීක්ෂා කිරීම යුක්ති සහගත ය.

හොඳ ප්‍රවෘත්තිය නම් 2021 GSLI දර්ශකයේ ශ්‍රී ලංකාව ඉහළ ම 25 ට ඇතුළත් කොට තිබීම යි. නරක ප්‍රවෘත්ති එන්නේ ස්ථර වශයෙනි.  පරණ නරක ප්‍රවෘත්තිය සහ අලුත් එක වශයෙනි. 2011 දී හඳුනාගත් පැරණි නරක ප්‍රවෘත්තියෙන් අපි ආරම්භ කරමු.

GSLI මගින් රටවල් 60 ක් ශ්‍රේණිගත කොට ඇත. න්‍යායිකව සේවා ඕනෑ ම තැනකින් ගත හැකි ය. නමුත් අපි ශ්‍රී ලංකාව එහි දකුණු සහ අග්නිදිග ආසියානු සහෝදර රටවල් සමග සසඳා බලමු.

වගුව 1 : තෝරාගත් ආසියානු රටවල 2021 GSLI ශ්‍රේණිය සහ තෝරාගත් සංරචක ලකුණු

 
සමස්ත ශ්‍රේණිය
පුද්ගල  කුශලතා සහ ලබාගැනීමේ හැකියාව
මුල්‍යමය ආකර්ශනීය බව

ඉන්දියාව
1
2.18
2.83

මැලේසියාව
3
1.26
2.49

ඉන්දුනීසියාව
4
1.26
2.78

වියට්නාමය
6
1.20
2.77

පිලිපීනය
9
1.32
2.82

තායිලන්තය
10
1.24
2.46

ශ්‍රී ලංකාව
23
0.86
2.99

පාකිස්ථානය
31
1.09
2.90

බංගලා දේශය
33
1.04
2.84

මුලාශ්‍රය : ඒ ටී කර්නි, ගෝලීය සේවා ස්ථාන දර්ශකය 2021

පුද්ගල කුශලතා සහ අවශ්‍ය සේවකයන් ලබා ගැනීමේ හැකියාව පිලිබඳව ශ්‍රී ලංකාව සිටින්නේ බංගලා දේශය සහ පකිස්ථානයට පවා පිටුපසින් අවසන් ස්ථානයේ ය. මා මෙම විෂය ගැන අවසන් වරට ලියන විට බංගලා දේශය GSLI දර්ශකයට ඇතුළත් කොට පවා තිබුණේ නැත.

දර්ශකයේ ගැටලුකාරී සංරචකයට ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව ද ඇතුළත් ය. කටුක යථාර්ථය දකින්නට අකමැති අයට මෙමගින් පලායාමේ මාර්ගයක් ඉතිරි කරයි. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කුශලතා ඇතත් කුඩා රටක් ලෙස සේවයට ගත හැකි ප්‍රමාණවත් පිරිසක් නැත.

ප්‍රමාණාත්මක ප්‍රශ්නයක් නැතැයි කිව නොහැකි ය. ශ්‍රී ලංකාවේ මෙහෙයුම් වැඩි කිරීමේ දුෂ්කරතා නිසා, ආයෝජන වෙනත් ස්ථාන කරා ගිය අවස්ථා ගැන මම ඕනෑ තරම් අසා  ඇත්තෙමි. ඇතැම් විට, ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් ලබන රැකියා වල ආකර්ෂණයද ප්‍රශ්නයේ කොටසකි. මැරෙන තුරු පඩි ගන්න පුළුවන් විකල්පයක් තිබියදී පුද්ගලික අංශයේ රැකියා වලට යන සෙනග මදි විය හැක. මැලේසියාවේ එතරම් විශාල ජනගහණයක් නැතත්, පුද්ගල කුශලතා සහ ලබා ගැනීමේ හැකියාව අතින් එරට අපට ඉදිරියෙන් සිටියි.

කෙසේ වෙතත්, අපගේ දුර්වල කාර්ය සාධනයට ගුණාත්මක බව ද, ප්‍රධාන හේතුවක් බව පරතරය මගින් පෙන්නුම් කරයි. මේ ගැන වැඩිදුර පහත සදහන් කරනු ඇති.

ශ්‍රී ලංකාව තවමත් ඉහළ ම 25 අතර වන්නේ ඇයි ?

සේවා සැපයීමට ශ්‍රී ලංකාව තව දුරටත් ආකර්ශනීය වන්නේ එය ලාභදායි නිසා ය. තම සහෝදර දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් අතරින්, මුල්‍යමය ආකර්ෂණය අතින් එයට ඉහළ ම ස්ථානය හිමිව ඇත. ඔවුන්ගේ මුල්‍යමය ආකර්ශනීය බව අඩු වුව ද, මැලේසියාව සහ තායිලන්තය ශ්‍රේණිගතව ඇත්තේ තෙවැනි සහ දස වැනි ස්ථානවල ය.  ශ්‍රී ලංකාව එල්ලී සිටින්නේ තනිකර ම මුල්‍යමය ආකර්ෂණය හේතුවෙනි. මෙය හොඳ දෙයක් නොවේ.

සේවා සැපයීමට ශ්‍රී ලංකාව තව දුරටත් ආකර්ශනීය වන්නේ එය ලාභදායි නිසා ය. තම සහෝදර දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් අතරින්, මුල්‍යමය ආකර්ෂණය අතින් එයට ඉහළ ම ස්ථානය හිමිව ඇත. ඔවුන්ගේ මුල්‍යමය ආකර්ශනීය බව අඩු වුව ද, මැලේසියාව සහ තායිලන්තය ශ්‍රේණිගතව ඇත්තේ තෙවැනි සහ දස වැනි ස්ථානවල ය.  ශ්‍රී ලංකාව එල්ලී සිටින්නේ තනිකර ම මුල්‍යමය ආකර්ෂණය හේතුවෙනි. මෙය හොඳ දෙයක් නොවේ.

2002 – 2004 කාලයේ ශ්‍රී ලංකාවට මෙම කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට වැඩ කරමින් සිටිය දී, අපගේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැලකිල්ලට ලක්වුයේ ආන්ද්‍රා ප්‍රදේශ්, කර්ණාටක සහ තමිල් නාඩු වැනි ස්ථාපිත ස්ථාන සමග කොළඹ වැටුප් තරඟකාරී නොවනු ඇති බවට යි. පෙනෙන්නට තිබෙන්නේ අපි අනවශ්‍ය ලෙස බියපත් වූ බව යි. 2009 දී මුල්‍යමය ආකර්ෂණය අතින් අප ඉන්දියාව හා සම මට්ටමේ වූ අතර,පිලිපීනය වඩාත් ලාබදායි වී ය. අනෙක් හැම දෙනා ම, ඔවුන්ගේ වැටුප් සහ මිල ඉහළ දමමින් සිටියදී ශ්‍රී ලංකාවේ සමාගම් ඔවුන්ගේ වැටුප් අඩු මට්ටමේ පවත්වා ගෙන ලාභ බඩු අලෙවි කිරීමෙන් තෘප්තියට පත් වූහ. සංචාරක ව්‍යාපාරයේ සේ ම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය ද තරඟ කළේ වටිනාකම මත පදනම්ව නොව අඩු මිල පදනම්වය.

අනාගතය කෙසේ වෙයිද?

නවොත්පාදනයන්ගේ සිට ව්‍යාපාර කිරීමේ පහසුව දක්වා වූ සෑම දෙයක් සම්බන්ධයෙන් ම සංයුක්ත දර්ශක ලබා දීමේ යෙදී සිටින ජාත්‍යන්තර සංවිධාන සහ සමාගම් ඔවුන්ගේ දර්ශක සහ බර තැබීම් සියුම් ලෙස ගැළපීමේ යෙදී සිටියි. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාරය වැනි වේගයෙන් වෙනස් වන ක්ෂේත්‍රවල දී මෙය විශේෂයෙන් වැදගත් වෙයි.

ශ්‍රම බලකායේ ඩිජිටල් කුශලතා, ඩිජිටල් නිෂ්පාදිත, සමාගම් ක්‍රියාකාරීත්වයේ ප්‍රමාණය, බුද්ධිමය දේපළ සඳහා නීතිමය රැකවරණ, සහ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයේ වෙනත් අංග ආදියෙහි ශක්තිය පිළිබිඹු වන සියයට 10 ක් වටිනාකමක් හිමි,  ඩිජිටල් ප්‍රතිනාදය ලෙස හඳුන්වනු ලබන නව අංගයක් ඒ ටී කර්නි විසින් ගිය වසරේ හඳුන්වා දෙන ලදි. අඩු වියදම පිලිබඳ පැරණි සලකා බැලීමට වඩා මෙම අංග වඩා වැදගත් වෙමින් පවතින බව ඔවුන්ගේ විනිශ්චය ලෙස සැලකෙයි. එන වසරේ සිට ඩිජිටල් ප්‍රතිනාදයට දෙන වටිනාකම සියයට 10 සිට 60 දක්වා වැඩි කිරීමට ඔවුහු යෝජනා කරති. වෙන්නට ඉඩ ඇති දේ මෙවර වාර්තාවේ පෙන්වා දී ඇත.

එසේ කළ විට, ශ්‍රේණිගත කිරීම් සම්පුර්ණයෙන්ම පාහේ වෙනස් වෙයි. ඉන්දියාව සහ චීනය විස්ථාපනය කරමින් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පළමු සහ දෙවැනි ස්ථානවලට පැමිණෙයි. චීනය පහත වැටෙන්නේ හතරවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පමණකි. අනෙක් පැත්තෙන් ඉන්දියාව ස්ථාන දහයකින් පහළට වැටෙයි. පළමුවැනි 25 තුළවත් නොසිටි සිංගප්පුරුව ස්ථාන 35 කින් ඉහළට පැමිණ එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියට පසුව තෙවැනි ස්ථානයට පත්වෙයි. මැලේසියාව සහ ඉන්දුනීසියාව දරුණු පසුබෑමකට ලක් වුව ද, මුල් 25 අතර රැඳි සිටියි. ලාභ සේවා සැපයීම නිසා පළමු 25 අතර සිටි ශ්‍රී ලංකාව අතුරුදහන් වෙයි.

දශකයකට පෙර හඳුනාගනු ලැබූ මානව සම්පත් ප්‍රශ්නය විසඳීමට සඵල ක්‍රියාමාර්ග ගැනීමට සාමුහික වශයෙන් අපි අසමත් වූවෙමු. අපගේ ඉහළ සාක්ෂරතාව සහ අපේ හොඳම විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් විසින් ලියන ලද මෘදුකාංගවල අලංකාරය ගැන කතාවලින්, තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අපනයනයෙන් ඇමෙරිකානු බිලියන 5 ක ඉලක්කය කරා ළඟා විය නොහැකි ය. කටුක යථාර්ථයට මුහුණ දුන්නේ නැත්නම් සහ රැඩිකල් පිළියම් නොකළහොත් මෙය අපට වැරදුනු තවත් බස් රථයක් විය හැකි ය.

දශකයකට පෙර හඳුනාගනු ලැබූ මානව සම්පත් ප්‍රශ්නය විසඳීමට සඵල ක්‍රියාමාර්ග ගැනීමට සාමුහික වශයෙන් අපි අසමත් වූවෙමු. අපගේ ඉහළ සාක්ෂරතාව සහ අපේ හොඳම විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් විසින් ලියන ලද මෘදුකාංගවල අලංකාරය ගැන කතාවලින්, තොරතුරු තාක්ෂණ – ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අපනයනයෙන් ඇමෙරිකානු බිලියන 5 ක ඉලක්කය කරා ළඟා විය නොහැකි ය. කටුක යථාර්ථයට මුහුණ දුන්නේ නැත්නම් සහ රැඩිකල් පිළියම් නොකළහොත් මෙය අපට වැරදුනු තවත් බස් රථයක් විය හැකි ය.

මහාචාර්ය රොහාන් සමරජීව

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 Views