බලය ගනිද්දි කියපු දේවල් කරන්න – කටුවාපිටියේ විරෝධතාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටු වීමේ ප්‍රමාදයට විරෝධය පළකරමින් කටුවාපිටිය දේවස්සානය අසල ඊයේ 21 විරෝධතාවක් පැවැත්වුණා.

සමාජය හා සමායික කේන්ද්‍රය මගින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

මාස 27ක් ගත වුවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණ සතුටුදායක තත්ත්වය නොමැති බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ.

බලයට පැමිණීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු වසර දෙකක් ගතව තිබුණ ද මෙතෙක් ඉටුව නොමැති බව ද ඔවුන් ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඩුවම් දීම කඩිනම් කරන ලෙසයි විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

 13 total views,  13 views today

The post බලය ගනිද්දි කියපු දේවල් කරන්න – කටුවාපිටියේ විරෝධතාවක් appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 Views