ඊයේ හමුවූ ආසාදිතයින්ගේ සහ කොවිඩ් මරණ පිලිබඳ සියලු තොරතුරු

ඊයේ දිනයේදී නව ආසාදිතයන් 1,941 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248,050 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 1,917 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 24 දෙනෙකුද එම ආසාදිතයන් අතරට අයත්.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයන් අතරින් 32,456 ක් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 212,825 ක්.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිත මරණ 45 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට මුලූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ මරණවලින් 34 ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අය වන අතර මරණ 10 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

වයස අවුරුදු 30 ට අඩු එක් අයෙකුද ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්.

The post ඊයේ හමුවූ ආසාදිතයින්ගේ සහ කොවිඩ් මරණ පිලිබඳ සියලු තොරතුරු first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views