රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන නියෝජනය කළ යුතුය යන්න බව පැවසූ මහලේකම්වරයා ලබන පාර්ලිමේන්තු සතියේදී එජාප නායකයා පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇති බවද සඳහන් කළේය.

ලබන අඟහරුවාදා (22) පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර 23 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කර ඇතැයිද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය

The post රනිල්ගේ නම මැතිවරණ කොමිසමට first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views