‘ජනප්‍රිය නොවන’ තීරණ ගම්මන්පිල මත පටවා ආණ්ඩුව අනවශ්‍ය අර්බුදයකට ඇද දමලා – පක්ෂ 8කින් ඒකාබද්ධ නිවේදනයක්

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව පොදුජන පෙරමුණට සම්බන්ධ හවුල්කාර පක්ෂ 8ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම නිවේදනයට අත්සන් තබා ඇත්තේ,

අතුරලියේ රතන හිමි – අපේ ජනබල පක්ෂයවිමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණවාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණතිස්ස විතාරණ – ලංකා සමසමාජ පක්ෂයඒ.එල්.එම්. අතාවුල්ලා – ජාතික කොංග්‍රසයජී. වීරසිංහ – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂයඅසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂ යන පක්ෂවල නායකයින් ය.

ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් රැස්වුණු ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ගනු ලැබූ තීරණයක් බවත් ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ නැංවීමේ ‘ජනප්‍රිය නොවන’ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ ක‍ර මත පැටවීමට දරන වෑයම තමන් ප්‍රතික්ෂේප කරන බවත් ය.

එමෙන් ම, ජනාධිපති මාධ්‍ය අංශය ද මේ බව තහවුරු කර ඇති පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ‘ජනප්‍රිය නොවන’ තීරණයේ වගකීම උදය ගම්මන්පිල අමාත්‍යවරයා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇතැයි ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

තව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කිරීමෙන් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන සැකය ජනතාව ඉදිරියේ තබා ඇති බව ද ඔවුන් සඳහන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියා හේතුවෙන් අවසානයේදී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ අනුව, මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බවත් ඔවුන් සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views