මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදට වසර 12යි

තිස් වසරක කාලයක් පැවති LTTE ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) 12 වසරක් සපිරෙයි.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විරෝධාර රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය.

ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරවය ද ඒත් සමගම මෙරට ආරක්ෂක අංශ වෙත හිමිවේ.

2009 වසරේ මැයි මසයේදී අවසන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පිදුවා.

එමෙන්ම තවත් විශාල පිරිසක් ආබාධ තත්ත්වයට පත්ව සිටී.

මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිතයි.

මෙවරත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 Views