දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ තුරෙයි රත්නසිංහම් කොවිඩ් වැළඳී මරුට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු මියගොස් ඇත්තේ  කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය .

තුරේරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය දෙවැනි මන්ත්‍රීවරයා ය . මෙයට පෙර කොවිඩ් ආසාදනය වීමෙන් හිටපු කතානායක වරයෙකු වූ විජමූ ලොකුබණ්ඩාර මහතා මිය ගියේය .

මිය යන විට අසූ වැනි වියේ පසුවූ තුරේ රත්නසිංහම් මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2002වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එතැන් සිට 2010 වර්ෂය දක්වා එම මන්ත්‍රී ධූරයේ කටයුතු කළේය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 Views