“දෙමළ අතුරුදහන් වී ඇත, ළඟදීම සිංහල ද අතුරුදහන් වනු ඇත” – රාසමානික්කම්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මහජන අයිතියට පත් කළ පසු මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව පොදු ස්ථානවල නාමපුවරු සහ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනයට පියවර ගන්නා බව වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ මැද උයන නම් ස්ථානයේ දෙමළ භාෂාවෙන් නාම පුවරුව සටහන් නොකිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යයන් තැබු ට්විටර් සටහනක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්

Tamil text is missing, that’s alright ! Soon Sinhala will be missing too. Hope Sri Lankan’s wake up at least then. https://t.co/Iw6oMe44cw

— Shanakiyan Rajaputhiran Rasamanickam (@ShanakiyanR) May 16, 2021

රාසමානික්කම් සානක්‍යයන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට ඒ පිළිබඳ සටහනක් එක් කරමින් අදාළ නාමපුවරුවෙහි සිංහල, සහ ඉංග්‍රීසි පමණක් නොව චීන භාෂාව ද ඇතුළත් කර තිබියදී දෙමළ භාෂාව ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණා.

එහි ඔහු කියා තිබුනේ දෙමළ භාෂාව මෙන් නුදුරේදීම සිංහල භාෂාවත් නොමැතිව යාමට ඉඩ ඇති බවයි

කෙසේ වෙතත් වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්ගෙන් අප මේ පිළිබඳව කළ විමසීමකදී කියා සිටියේ දැනටමත් අදාළ නාම පුවරුව ගළවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 Views