දිස්ත්‍රික්ක 8 ක කොරෝනා ව්‍යාප්තිය දැඩි අවදානම් තත්වයක – GMOA අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක 8 ක කොරෝනා වෛරස ව්‍යාප්තිය දැඩි අවදානම් තත්වයක පවතින බවට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, දිනපතා කොවිඩ් ආසාදිතයින් 100 ට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80 ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම දැඩි ලෙස පවතින බවයි.

විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇති බවත් රටේ සමස්ත ජනතාව මේ පිලිබඳ ඉතා අවධානයෙන් සිටිය යුතු බවත් ඉදිරි සති කිහිපය තුල ආසාදිතයින් වාර්තාවීම තවදුරටත් ඉහළයා හැකි තත්වයක් පවතින බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව කී ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද කියා සිටියා.

The post දිස්ත්‍රික්ක 8 ක කොරෝනා ව්‍යාප්තිය දැඩි අවදානම් තත්වයක – GMOA අනතුරු අඟවයි first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Views