සතුරන්ට සමාවක් නෑ / ප්‍රහාර නතර නොකරන බව ඊශ්‍රායලය කියයි

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර කිරීමේ සූදානමක් නොමැති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරනවා.
ඔහු කිය සිටියේ තම රටේ අගනුවරට රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීන් වෙනුවෙන් සමාව දීමට සූදානමක් නොමැති බවයි.
ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර වෙනුවෙන් හමාස් සටන්කාමීන් අවසන් සීමාවෙන්ම වන්දි ගෙවනු ඇති බවද ඔහු අවධාරණය කළා.
ඒ අනුව ත්‍රස්තවාදය තුරන් කරන තෙක් සියළු ඉලක්ක වෙත පහරදීමටයි අණ ලබාදී ඇත්තේ.
මේ වන විටත් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගුවන් ප්‍රහාර හා ගොඩබිම් ප්‍රහාරයන්ද එල්ල කරමින් පවතිනවා.
සටන් විරාමයක් අපේක්ෂා කරමින් සිටින හමාස් සංවිධානයේ සියළු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමටයි ඊශ්‍රායලය පියවර ගෙන ඇත්තේ.
මේ අතර ගාසා තීරයේ සිට තවදුරටත් රොකට් වෙඩි ප්‍රහාර එල්ල වෙමින් පවතින බව ඊශ්‍රායල මාද්‍ය වාර්තා කළා.
එම ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 10 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
ප්‍රතිප්‍රහාරවලින් පළස්තීනුවන් 139ක් මරණයට පත්ව තිබෙනවා.

The post සතුරන්ට සමාවක් නෑ / ප්‍රහාර නතර නොකරන බව ඊශ්‍රායලය කියයි appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views