ඇමති ගාමිණී ලොකුගේ බලපෑම් කළානම් එය වරදක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතු කොටගෙන හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ බලපෑම් කළේ නම් එය වැරදි ක්‍රියාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ රාත්‍රියේ රූපවාහිනී සංවදාත්මක වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන බලපෑමක් සිදුව ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා.

එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ එවැනි දේශපාලන බලපෑමක් සිදුකිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 Views