මුරලිදරන් රෝහල්ගත කරයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශල්‍යකර්මයක් සඳහා  රෝහලකට ඇතුළත් කර  ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

IPL තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසයි ඔහු සේවය කරමින් සිටියේ.

ඔහු මේවනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද ඉන්දිය මාධ්‍ය පවසනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් හි ප්‍රධාන විධායක නිලධාරී කේ ෂන්මුගම් ස්පෝර්ට්ස්ටාර් වෙත අදහස් දක්වමින් . “ඔහු ශ්‍රී ලංකාවේදී ස්කෑන් පරීක්ෂණ කිහිපයක් සිදු කර ඇති අතර චෙන්නායි හි සිටියදී වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තා.

ඔහු දැන් සුවයෙන් සිටින අතර ඉදිරි දින කිහිපය තුළ කණ්ඩායමට එක්වීමට හැකියාව ලැබේවි.” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

The post මුරලිදරන් රෝහල්ගත කරයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views