ඊජීප්තුවේ තවත් මාරක දුම්රිය අනතුරක් / 100කට තුවාල

ඊජීප්තුවේ කයිරෝ නගරයේදී තවත් දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා.
රොයිටර් පුවත් සේවය සදහන් කළේ , උතුරු කයිරෝ හීදී දුම්රියක් පීලිපැනීමෙන් පුද්ගලයන් 100 දෙනකු තුවාල ලැබූ බවයි.
මේ අතර ඊජීප්තු මාධ්‍ය වාර්තා පවසන්නේ අනතුරෙන් පුද්ගල මරණ කිහිපයක්ද වාර්තාවන බවයි.
මෙහිදී දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැනීමෙන් පසු පෙරළීයාම මෙම අනතුරට මුල්වුනා.
ඉකුත් මාර්තු මාසයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් කයිරෝහීදී මාරක අනතුරක් සිදුවුණා.
එහිදී පුද්ගලයන් 20 දෙනකු මිය ගිය අතර 200 දෙනකු තුවාල ලැබුවා.

The post ඊජීප්තුවේ තවත් මාරක දුම්රිය අනතුරක් / 100කට තුවාල appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views