බුලත් කොළයකට රණ්ඩු වූ දෙදෙනෙකුගෙන් අයෙකුට බරපතලයි

මොරහෙළ කැටවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර විට කෑමට ගනු ලබන බුලත් කොළයක් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් දුරදිග යෑමෙන් ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ඊයේ උදෑසන (02) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කැටවත්ත බල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙකි.

පහර දීම සම්බන්ධයෙන් එම ප‍්‍රදේශයේම 34 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

The post බුලත් කොළයකට රණ්ඩු වූ දෙදෙනෙකුගෙන් අයෙකුට බරපතලයි first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views