පනස් පස් වසරක යුග දිවිය එකම දිනක නිමා කල අපූරු අඹුසැමි යුවළක්

විවාහ වූ දා පටන් එකම බත්පත එකට කා දිවි ගෙවූ දරුවන් අටදෙදෙනකුගේ අම්මා තාත්තා වී දරුමුණුබුරන් විසිහත්දෙනෙකුගේ මුත්තා සහ මිත්තණිය වීමේ වසනාව ලැබූ යුවළක් වසර පනස් පහක යුගදිවි ගමන නිමාකර එකම දිනයක අවසන් ගමන් ගිය අවාසනාවන්ත පුවතක් අපට අසන්නට ලැබිණ.

මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල පොලිස් වසමේ පෝද්දිවල මලාමුර ප‍්‍රදේශයේ පදිංචි දොන් සමරසේන රත්නායක වීරකෝන් (77) සහ කීබියගේ කමලාවතී (72) නැමැති විවාහක යුවළකි.

මත්තක පෝද්දිවල මලාමුර පදිංචි වෘත්තියෙන් වඩු කර්මිකයෙකු වූ දොන් සමරසේන මහතා බටපොළ ගෝනාපීනුවල පදිංචිව සිටි කමලාවතී සමග අතිනත ගන්නේ මීට වසර පනස් පහකට ඉහතදීය.

එදයින් ඇරැඹි යුගදිවියේ දරුවන් අටදෙනෙක් මෙම යුවළටදාව උපත ලැබීය. එහිදී පිරිමි දරුවන් තුන්දෙනෙක් සහ ගැහැනු දරුවන් සිව් දෙනෙක් මෙලොව උපත ලබා ඇත.

තම ස්වාමීයාගේ අභාවය දරාගත නොහැකි වූ භාර්යාව ඒ බව අසන්නට ලැබී සුළු මොහොතකින් මියගොස් තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

The post පනස් පස් වසරක යුග දිවිය එකම දිනක නිමා කල අපූරු අඹුසැමි යුවළක් first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views