ඊයේ දිනයේදී 44,546 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත
ඊයේ (02) වාර්තා වු නව ආසාදිතයින් 318 දෙනාගෙන් වැඩිම පිරිස වන 72 දෙනෙකු වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මේ වනවිට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,868 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 80,019 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 3366 ක් ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම, ඊයේ දිනයේදී කොරෝනා මරණ 7 ක් වාර්තා වීමත් සමඟ වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 483 ක් දක්වා ඉහළ ගියා.
එසේම, එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා කොවිෂීල්ඩ් එන්නත පුද්ගලයින් 553,821 ක් සඳහා ලබාදී තිබෙනවා.
ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 44,546 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.