මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන්නැයි IP සහ PC තිදෙනකුගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිසියේදී පහර කෑමකට ලක්වූ බව කියන මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා සම්බන්ධ සිද්ධියට අදාල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේය.

සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා පොලිස් කොස්තාපල්වරුන් බව පෑලියගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින්, මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර වහාම ඒ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශය


 

The post මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන්නැයි IP සහ PC තිදෙනකුගේ වැඩ තහනම් first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views