චීන රුසියානු කොරෝනා එන්නත් එපා / හෙද සංගමයෙන් ඉල්ලීමක්

රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බැවින් එම එන්නත මෙරටට නොගෙන්වන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

චීනයේ නිෂ්පාදනය කරනු ලබන සිනොවැක්-කොරෝනාවැක් එන්නත හා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ගෙන්වීමට රජය සාකච්ඡා කරමින් සිටින බව පැවසූ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙම ඉල්ලීම සිදුකළා.

දැනට ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අමතරව චීනයේ හා රුසියාවේ නිපදවන එන්නත් ගෙන්වා ගැනීමට ද රජය සාකච්ඡා කරමින් පවතින අතර එම එන්නත්වල 3 වන අධියරේ ලේඛන සපයා නොමැතිවීම මත ඒවා සම්බන්ධයෙන් කටයුතු ප්‍රමාදවී තිබෙනවා.
කෙසේ වෙතත් දැනටමත් කොරෝනා එන්නත් මිලියන 14ක් මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය ගිවිසුමට ශ්‍රී ලංකාව එළඹ තිබෙනවා.

The post චීන රුසියානු කොරෝනා එන්නත් එපා / හෙද සංගමයෙන් ඉල්ලීමක් appeared first on ලංකා ඒ නිවුස් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views