කථානායකට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය – රංජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවීමට කටයුතු කරන ලෙසත්, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වුණා.

එසේම ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසටද විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියා.

කතානායකවරයා සභා ගර්භයේ නොසිටි අවස්ථාවේදී මෙම විරෝධය විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පළ කරන්නනට යෙදුනා.

අනතුරුව බන්ධනාගාර විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බවයි.

මේ අතර අදාළ විරෝධතාවයේ දර්ශන හර්ෂ ද සිල්වා තම ට්විටර් ගිණුම ඔස්සේ පළ කොට තිබුණා.

The post කථානායකට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය – රංජන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Views