ඇමති දිනේෂ් UNHRC 46 වැනි සැසිවාරය අද අමතයි.

විදෙස් කටයුතු  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් අද(23) රාත්‍රීයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචලේ බැචලෙට්  විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ  24 වැනි බදාදායි. එහිදී එක්සත් රාජධානිය ප්‍රමුඛ මධ්‍ය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට නියමිත අතර  එම  කණ්ඩායම නියෝජනය කරන අනෙකුත්  රටවල් වන්නේ කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ , උතුරු මැසිඩෝනියා සහ මලාවි යන රටවල් ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය රටවල් 47 ක සහභාගිත්වයෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භවූ අතර  පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත් වෙන්නේ  අන්තර්ජාලය ඔස්සේය.

The post ඇමති දිනේෂ් UNHRC 46 වැනි සැසිවාරය අද අමතයි. appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 Views