PHI වෙස්ගෙන කරපු විනාසයක්

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යැයි පවසමින් මහව ප‍්‍රදේශයේ නිවසකට පැමිණි තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් එම නිවස කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අදාළ නිවසට පෙරේදා සවස් කාලයේ පැමිණි කොල්ලකරුවන් තිදෙනා පීසීආර් පරීක්‍ෂණය සිදු කිරීමට පෙර පානය කරන ලෙස පවසා නිවසේ සිටි අයට කුඩා පෙත්තක් ලබාදී ඇති අතර එය පානය කිරීමෙන් පසු නිවැසියන් සියලූ දෙනා නින්දට වැටී තිබෙනවා.

ඔවුන් යළි නින්දෙන් ඇහැරී පියවි සිහිය ලැබ ඇත්තේ පසුදා උදෑසන බවද අපොලීසිය සඳහන් කළා. ඒ අතරතුර කාලයේ කොල්ලකරුවන් නිවසේ තිබූ පවුම් තුනහමාරක් පමණ වූ රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇති අතර මෙම කල්ලියේ සිටි තිදෙනා අතරින් එක් පුද්ගලයකු කාන්තාවක ලෙස හැසිරී ඇති බවද නිවැසියන් සඳහන් කළේ යැයි පොලිසිය පැවසුවා. පොලිසිය සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ විමසීමකදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබේදැයි දැනගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්‍ෂණයේදී කිසිවිටකත් ඖෂධ පානය කිරීමට නොදෙන බව පැවසුවේ යැයි ද කී පොලිසිය, මේ අනුව මෙම වසංගත කාලයේ කල්පනාකාරීව කටයුතු කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහව පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් අරඹා තිබෙනවා.

The post PHI වෙස්ගෙන කරපු විනාසයක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views