සිව් දිනකට පසු හැටන් නගරයේ වෙළෙඳසැල් අද විවෘතයි – මහජන වෙළෙඳපොළ වසා දැමීමට උපදෙස් (PHOTOS)

හුදෙකලා කර තිබු හැටන් නගරයේ වෙළෙඳසැල් සිව් දිනකට පසු විවෘත කිරිමටත් හැටන් මහජන වෙළෙඳපොළ තවදුරටත් වසා තැබීමටත් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් අද (31) උපදෙස් දී තිබෙනවා.

පසුගිය 27 වන දා Covid-19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟ හැටන් නගරය ද හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් Covid-19 වෛරසය අසාදනය වු රෝගින් හමු වු හැටන් මහජන වෙළෙඳපොල භුමියේ වෙළෙඳසැල් එම වෙළෙඳ හිමියන් විසින් අවසරයකින් තොරව අද (31) විවෘත කර ඇතැයි වාර්තා වනවා.

එහිදී එම වෙළෙඳපොල භුමියේ වෙළෙඳසැල් වසා දැමීමට උපදෙස් දීමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල සහ ව්‍යාපාරිකයන් අතර උණුසුම් තත්වයක් ද හටගෙන තිබෙනවා.

එම වෙළෙඳසැල් නැවත දැනුම්දෙන තුරු විවෘත නොකරන ලෙස අදාළ වෙළෙඳසැල්හිමියන්ට තරයේ අවවාද කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා එහිදී කටයුතු කළ බව සඳහන්.

වෙළෙඳසැල් විවෘත කළ ද හැටන් නගරය ජනතාවගේ පැමිණීම සහ බස් රථ ධාවනය අවම මට්ටමක පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

38 Views