ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග් මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.231 දරන ගුවන් යානයෙන් ඒ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ .

එමෙන්ම ඔහු නීරෝධායන සහතිකය රැගෙන පැමිණ තිබූ අතර , තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නීරෝධායනයේ නිරත වීමට ද නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views