වීරකැටියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

වීරකැටිය මොරයාය ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදීමක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.ඉන් බරපතල තුවාල ලැබූ එක් අයෙකු තංගල්ල රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් තිබෙනවා.

ඔහු මොරයාය ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මූලික මහේස්ත‍්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය අද (31) සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views