වැල්ලවායෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාෂයෙන් කොරෝනා වෛයිරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (30) පස්වරුවේ දී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් කැලණිය ප්‍රදේශයේ සේවය කර ඇති අතර අනෙක් පුද්ගලයා කොළඹ අලුත්කඩේ අධිකරණයේ සේවය කර ලිපිකරුවකු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ඔවුන් වැල්ලවාය කැහැලිය සහ හඳපානාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනකු වන අතර එම ආසාදිතයින් දෙදෙනා ඊයේ රාත්‍රියේම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර

ඔවුන් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර ඇති එම පුද්ගලයන් ගේ සමීපතම ආශ්‍රිතයින් කිහිපදෙනක්ම නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

The post වැල්ලවායෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views