වත්තල පෞද්ගලික කර්මාන්ත ශාලාවක 49කට කොරෝනා

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින පෞද්ගලික කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර පවසනවා.

කොරෝනා ආසාදිතයින් වශයෙන් හඳුනාගත් ආසාදිතයින් අතුරින් පිරිමි සේවකයින් ඊයේ(30) රාත්‍රියේ රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර කාන්තාවන් අද(31) දිනයේ දී රෝහල් ගත කිරීමට කටයුතු කරන බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළා .

අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වූ අනෙකුත් සේවකයින්ගේ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ කර්මාන්ත ශාලාවේ සමස්ථ සේවක සංඛ්‍යාව 1000 ඉක්ම වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views