ලංකාවේ තිබෙන්නේ කොවිඩ් 19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි – සෞඛ්‍ය ඇමැති

ලංකාවේ තිබෙන්නේ කොවිඩ් 19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණක් බව සෞඛ්‍ය ඇමැති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පවසනවා.

මෙවර වෛරසයේ පැතිරීම විශාල වශයෙන් වෙනස් කමකට ලක්ව ඇති බැවින් වෛරසයේ ස්වභාවය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයකින් අනතුරුව ලබා දුන් පරීක්ෂණ වාර්තාවකට අනුව අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම වෛරසයේ වෛරස් ප්‍රමාණය ඉතාම වේගයෙන් ශරීරය තුළ විශාල ප්‍රමාණයක් වර්ධනය වන බවත් ශීග්‍රයෙන් පැතිරිය හැකි බවත් මෙරට මීට පෙර පැවති කොවිඩ් 19 වෛරසය මෙන් නොවන බවත් එම පරීක්ෂනය අනුව අනාවරණය වී තිබෙන බවයි ඇමැතිවරිය වැඩි දුරටත් පවසන්නේ.

The post ලංකාවේ තිබෙන්නේ කොවිඩ් 19 වෛරසයේ එක ප්‍රභේදයක් පමණයි – සෞඛ්‍ය ඇමැති appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views