බොරැල්ල පොලිසියේ 6 කට සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 04 කට කොරෝනා

බොරැල්ල පොලිසියේ නිලධාරින් 13 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව ඉන් 06 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරිම ආරම්භ කොට තිබෙන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

එම පිරිස අතර රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකු සහ තවත් සේවකයින් 02ක් ද සිටියි.

මේ වන විට ඔවුන්ගේ පළමු ආශ්‍රීතයින් නිරෝධායනයට යොමු කොට ඇත.

The post බොරැල්ල පොලිසියේ 6 කට සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ 04 කට කොරෝනා appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

43 Views