බස්නාහිර පළාතෙන් පිට ගිය අය දින 14ක් නිරෝධායනයට – ෆේස්බුක් සටහන් දැමු අයටත් වැඩ වරදී

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම අදාළ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරව එම පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

මේ අතර ෆේස්බුක් සටහන් තබමින් පොලිසිය මගහරිමින් ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලින් බැහැරට ගිය පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් , එම තොරතුරුවලට අනුව ඒ පිළීබදව විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 Views