බස්නාහිරින් පිටවූ සියලු දෙනා සති දෙකක් නිරෝධායනයට

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ අදහස් පළකර යම් යම් ලිපි පළකළ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ.

The post බස්නාහිරින් පිටවූ සියලු දෙනා සති දෙකක් නිරෝධායනයට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 Views