පොලිසියේ 60කට කොරෝනා – 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට

අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවත් 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“අපේ තියෙන නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා කළුතර පොලිස් විද්‍යාලය, කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලය ඒවට යවලා තියෙනවා සමීප ආශ්‍රිතයෝ. ඊට අමතරව 1000-1100කට ආසන්න සංඛ්‍යාවක් ඒ බැරැක්ක තුළම, කඳවුරු තුළම නිරෝධායනය කරලා තියෙනවා. මේකත් ඇති වුණේ මුලින්ම පෑලියගොඩ පොකුරත් එක්ක. හේතුව මුලින්ම මේ රෝගය වැළඳුනේ අපේ භෝජනාගාර පාලකවරුන්ට, පොලිස් ස්ථානවල ඉන්න පොලිස් කොස්තාපල්, සැරයන්, ශ්‍රේණිවල අය පෑලියගොඩට ගිහින් තිබුණා මාළු මිලදී ගන්න. ඒ ඒ පොලිස් භෝජනාගාරවලට. ඒකෙන් තමයි මේ ව්‍යාප්තිය වුණේ. නැතුව රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට එහෙම වැළඳුනේ නෑ. එයාලට උපකරණ දීලා තිබුණා මුලින්ම. පාරේ ඉන්න කාටවත් වැළඳුනේ නෑ මේක මුලින්ම. නමුත් යම් යම් ස්ථානවල පොලිස් ස්ථාන සුළු වේලාවකට වැහුනා. කටයුතු අත්හිටවුවා. ඒවා තැන් නැවත විෂබීජහරණය කරලා නැවත කටයුතු ආරම්භ කරලා තියෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

38 Views