පන්සලට ආව අලියා දරුවා මරයි

වන අලි ප්‍රහාරයකින් පුත්තලම කරුවලගස්වැව රජවිගම ගම්මානයේ වයස අවුරුදු හතරක දරුවකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

කරුවලගස්වැව රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පුජාවකට සහභාගි වෙමින් සිටින අවස්ථාවක දී පස්වරු 6.30 පමණ මෙම විහාරස්ථානයට කඩා වැදුණු වන අලියා පහරදීමෙන් මෙම දරුවා තුවාල ලබා ඇත.

තුවාල ලැබු මෙම දරුවා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ.

විහාස්ථානයේ වැලි මළුවට කඩා වැදී ඇති වන අලියා මව හා දරුවා එකට උස්සා ගෙන ඇති අතර එවිට දරුවා බිම වැටීමෙන් වන අලියා පාගා ඇති බව අනාවරණය වී ඇත.

The post පන්සලට ආව අලියා දරුවා මරයි appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views