නිශ්ශංක සේනාධිපති ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ධූරයට

2020 ඔක්තෝබර් 31 වන දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්/සැහැල්ලු පන්දු සංගමයේ (SLABSA) සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති තේරී පත් වී තිබේ.

2020 සඳහා අලුතින් තේරී පත් වූ කමිටුව ප්‍රවීණ ක්‍රීඩකයෙකු සහ ප්‍රකට ක්‍රීඩා පරිපාලකයෙකු වන අසංග සෙනෙවිරත්න ඇතුළු නව මුහුණු 7 කින් සමන්විත වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයා වන සෙනෙවිරත්න මහතා විධායක උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට එක්වෙයි.

ලේකම් ධුරය පියාසර ලුතිනන් සංක අබේවික්‍රම විසින් දරනු ලබන අතර හිටපු ලේකම් රජිත් රත්නායක එම සංගමයේ උප සභාපති තනතුර සඳහා පත්ව තිබේ.

2020 – 2022 වසර සඳහා පත් වූ නිල මණ්ඩලය පහත පරිදි වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

52 Views