නිරෝධායන නීතිය ක්‍රියාත්මකයි – පුද්ගලයින් 221ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳීරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

වාහන 40ක් ඊයේ පොලිස් භාරයට පත්ව තිබෙනවා .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මේ දක්වා පුද්ගලයින් 1480ක් අත් අඩංගුවට පත්ව තිබෙන බවයි

මේ දක්වා පොලිස්භාරයට පත්ව තිබෙන වාහන සංඛ්‍යාව 218ක්

එමෙන් ම පසුගිය දින 14 තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් සහනයක් ලබා දී තිබූ බවත් එම සහනය ඊයේ දින සිට ඉවත් කළ බවද ඒ අනුව නිරෝධායන නීතිය කඩ කළ,මුහුණ ආවරණ නොපැලඳී, දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 39ක් ප්‍රථමවරට අත් අඩංගුවට පත් බවත් ,ඉදිරියට මේ නීතිය ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා

The post නිරෝධායන නීතිය ක්‍රියාත්මකයි – පුද්ගලයින් 221ක් අත්අඩංගුවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

45 Views