නවගමුව පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවෙකු මිය යයි

නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එම පොලිස් සිරමැදිරිය තුලදී මියගොස් තිබෙනවා.

යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ලකෑම් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටියදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 25ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශණයක්  ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

58 Views