කොරෝනා දුරු කරන්න ජනතා සහය අවශ්‍යමයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොවිඞ්-19 වසංගතය මැඬලන්න ජනතාවගේ සහයෝගය අවශ්‍යමයි. සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළොත් මේ තත්ත්වය ඉක්මනින් පාලනය කළ හැකිය යැයි නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ මහතාගෙන් විමසූ අවස්ථාවේ එසේ කියා සිටියා.

මෙහිදී තවදුරටත් කතා කළ නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියා.

කොවිඞ්-19 වසංගත තත්ත්වය මේ වෙනකොට ලෝකය පුරාම තිබෙනවා. අපේ රටෙත් නව පොකුරු වාර්තා වුණා. දැන් මේ වෙනකොට සෞඛ්‍ය අංශ හා ති‍්‍රවිධ හමුදා එකතුවෙලා මේ වසංගත තත්ත්වය පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. සමහරක් ප‍්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචාරක සීමා පනවා තිබෙනවා. ජනතාව ප‍්‍රධාන මාර්ගවල සංචරණය සීමා කළත් අතුරු මාර්ගවල සංචරණය සිදුවෙනවා කියලා දැනගන්න තිබෙනවා. ජනතාවට කියන්න තියෙන්නේ හැකිතාක් නිවෙස්වලටම වෙලා ඉන්න කියලයි. තැන තැන ගමන් යන්න එපා. ජනතාව ලබාදෙන සහයෝගය මත ඉක්මනින් මේ තත්ත්වය පාලනය කළ හැකියි. මේ හැම දේකම වැඩි වගකීමක් තියෙන්නේ ජනතාව අතේ.

දිවයින පුවත්පත ඇසුරෙනි.

The post කොරෝනා දුරු කරන්න ජනතා සහය අවශ්‍යමයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

47 Views