ඇඳිරි නීතිය නොතකා බස්නාහිරින් පිටත්වූ 454 ක් ස්වයං නිරෝධායනයට – පොලිස් නිළධාරීන් 78 කටත් කොරෝනා

නිරෝධායන නියමයන් උල්ලංඝණය කර බස්නාහිර පළාතෙන් පිටත්ව වෙනත් ප්‍රදේශවලට ගොස් සංචාරක හෝටල්වල හා නිකේතන වල රැදී සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් බණ්ඩාරවෙල , මඩකලපුව, අම්පාර, තංගල්ල, මාතර , නුවරඑළිය හා යාපනය යන ප්‍රදේශවල රැදී සිටියදී සොයා ගත් බවයි.

එමෙන්ම අද පස්වරු 4 වනවිට පොලිස් නිළධාරීන් 78 දෙනෙකුට කොවිඞ් වෛරසය ආසාධනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලා.

The post ඇඳිරි නීතිය නොතකා බස්නාහිරින් පිටත්වූ 454 ක් ස්වයං නිරෝධායනයට – පොලිස් නිළධාරීන් 78 කටත් කොරෝනා appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views