ශවේන්ද්‍ර සිල්වාට එරෙහි සංචරණ තහනම ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)

නිල සංචාරයක් සදහා ඊයේ මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද(28) උදෑසන කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වූ අතර පසුව අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී විය. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කිරීමෙන් අනතුරුවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණි අවස්ථාව

මාධ්‍ය හමුවේදී අවස්ථා කිහිපයකදීම චීනයේ ක්‍රියාකලාපය සියුම්ව විවේචනය කල ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනය ඒකාධිපතියකු ආකාරයෙන් ශ්‍රී ලංකාව සමඟ සබඳතා ගොඩනගා ගැනීමට උත්සහ දරුවත් ඇමරිකාව සහයෝගයෙන් සහ මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට උදව් කිරීමේ අරමුණ ඇතිව සිටින බව ප්‍රකාශ කලා.

මාධ්‍ය හමුවේදී දේශීය මාධ්‍ය නාලිකාවක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති සංචරණ තහනම පිළිබඳව ප්‍රශ්ණයක් යොමුකල අතර එහිදී රාජ්‍ය ලේකම්වරයා මෙසේ අදහස් පළකලා, (VIDEO)

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fwww.newshub.lk%2Fvideos%2F3914877261858534%2F&show_text=1&width=476

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views