ගම්පහ ප්‍රදේශ කීපයක ඇදිරි නීතිය ඉවත් කරන්න යයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ඇතැම් ප්‍රදේශවල රෝගීන් වාර්තා නොවීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කිරීමට හැකියාවක් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කිරීමට අවශ්‍ය කරුණු අධීක්ෂණය කරමින් සිටින බව යුද හමුදාපතිවරයා සඳහන් කළ බව ‘අරුණ’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා නොතිබුණද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණු කොට දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views