කොත්මලේ ,ඇරෝ වතුයායෙන් කොවිඩ් ආසාධිතයෙක් – පවුල් 10 ක් නිරෝදායනයට
කොත්මලේ, පූඩළුඔය, ඇරෝ තේ වතුයායේ කොවිඩ් ආසාධිතයෙකු හමු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
පෑළියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ සේවය කළ මෙම පුද්ගලයෙකුගේ පී.සි.ආර්.පරීක්ෂණයෙන් ඔහු ආසාධිතයෙක් බවට සනාථ වී ඇත.
එම රෝගියාගේ නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු ඇසුරු කළ පුද්ගලයින් 10 දෙනෙක් ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.