ඊයේ හමුවූ කොරෝනා ආසාධිතයන් 457 දෙනාගේ සම්පුර්ණ විස්තරය මෙන්න

ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගත් නව ආසාධිතයන් 457 දෙනාත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 8870 දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 447 දෙනෙකු දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් 10 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය වනවා.

ඒ අනුව දිවුලපිටිය / පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින් ගණන 5396 දක්වා ඉහළ ගියා.

මේ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගත් ආසාධිතයින්ගෙන් 4043 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4808 ක්.

ශ්‍රී ලංකාවේ රෝහල්වල සිටින සැක සහිත රෝගීන් ගණන 445 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්වූ රෝගීන් 3 දෙනාත් සමග මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 19 ක් වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views