ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි
මෙරටට පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණු බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝගේ කාලසටහන පහත පරිදි වේ.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම .
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම
විදේශ අමාත්‍යවරයා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීම
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෞරව දැක්වීම සඳහා කොළඹ කොච්චිකාඩ් සිද්ධස්ථානයට යෑම
ශ්‍රී ලංකානු සංචාරය නිමකිරීමෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා මාලදිවයිනට පිටත්ව යාමට නියමිතය
ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවට තමාව පිළිගැනීම සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් ද සටහන් කර ඇත