MCC ගිවිසුම, SOFA , පොම්පියෝ සමග අත්සන් කරන්නේ නැහැ – ගම්මන්පිල

අද මෙරටට පැමිණෙන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සමග MCC ගිවිසුම හෝ SOFA ගිවිසුම අත්සන් නොකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ ඉහත කී ගිවිසුම් අත්සන් කිරීමට පොම්පියෝ මහතාගේ සංචාරයේ දී කිසිදු සැලසුමක් නැති බවයි.

මේ අතර නාමල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ ශ්‍රී ලංකාව නොබැඳි රටක් නිසා කවුරුන් පැමිණියත් වරදක් නැති බවයි.

ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වසන්ත බණ්ඩාර මහතා කීවේ ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන ආවේ MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා ම  බවයි.

පොම්පියෝ මෙරටට පැමිණීමට පෙර 20 සංශෝධනය සම්මත කිරීමට  ආණ්ඩුවට විශාල තදියමක් තිබු බව ද ජාතික සංවිධාන කියයි.

The post MCC ගිවිසුම, SOFA , පොම්පියෝ සමග අත්සන් කරන්නේ නැහැ – ගම්මන්පිල appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views