හැටන් නගරයෙන් කොරෝනා රෝගින් 10ක් හමුවෙයි – හැටන් නගරය හුදෙකලා කෙරේ

කොවිඩ් 19 තත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දස දෙනෙකු සෞඛ්‍යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලින් මත්ස්‍යයින් මිලට ගෙන හැටන් මහජනපොලේ මත්ස්‍යයින් අලෙවි කල වෙලෙන්දෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් ඇත.

එම වෙලෙන්දාගේ ආශ්‍රිතයන් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයන්ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙකුට සහ හැටන් මහජන වෙලදපොලේ ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට සහ මත්ස්‍යය වෙලෙන්දාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති රෝගින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට සෞඛ්‍යය අංශ කටයුතු කර ඇත.

හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද (27) දින වසා දැමිමට එම නගර වල වෙලද සංගම් තිරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views