සෞඛ්‍ය ඇමැතිනීගේ එන්නත් කතා නිසා ලංකාව ‘වසංගත එන්නත් පර්යේෂණාගාරයක්’ වේ දැයි බියක්!

මාධ්‍යවේදියා ::

කොරෝනා වෛරසය වැලැක්වීමේ එන්නතක් සූදානම් දැයි ද, එය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දන්වා ඇති බව පසුගියදා සෞඛ්‍ය ඇමතිනිය විසින් ප්‍රකාශ කරන ලදී.

 කොරෝනා වෛරසය වැලැක්වීම සඳහා වන එන්නතක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සුදානම් කර තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රශ්න මතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් කිසි දැනුවත් කමක් කර නැතැයි වසංගත රෝග මර්දක බලධාරීන් පවසන අතර තවම විද්‍යාගාර පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් අත්හදා බැලීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමේ සැලසුමක් වේදැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෝ බිය පල කරති.

 ”තවම විද්‍යාගාර පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් අත්හදා බැලීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමේ සැලසුමක් වේදැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෝ බිය පල කරති.”

 “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගය වැලැක්වීම සඳහා වන එන්නත සූදානම් කරල තියෙනව. ඒ නිසා අපිට දැනුම් දීල තියෙනව සූදානමින් ඉන්න කියල එම එන්නත පාවිච්චි කරන්න.” යි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 24 වැනිදා රත්නපුරේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළාය. ඇය වැඩි දුරටත් කියා සිටියේ ඒ එන්නත ලබා දීම සඳහා රටම සූදානම් කරන බවයි.  

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගය වැලැක්වීම සඳහා වන එන්නත සූදානම් කරල තියෙනව. ඒ නිසා අපිට දැනුම් දීල තියෙනව සූදානමින් ඉන්න කියල එම එන්නත පාවිච්චි කරන්න.” – සෞඛ්‍ය ඇමතිනී   

එදිනම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන බියුරෝව; කොරෝනා රෝගය සඳහා එන්නතක් සොයාගැනීම පිලිබඳව සමාජගතව පවතින සාකච්ඡාවට සම්බන්ධ වෙමින්, ඒ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය විද්‍යාත්මකව විස්තර කිරීමට සිදු කරන ලද සංවාදයක් ප්‍රසිද්ධ කර තිබුණි.  

එම සාකච්ඡාවට සහභාගී වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ, වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් කියා සිටියේ, ලොව පුරා කොරෝනා එන්නත් දෙසිය ගණනක් පර්යේෂණ මට්ටමේ පවතින බවයි.  අනතුරුව ඒවා සායනික අත්හදා බැලීම් අදියර හතරක් හරහා ගමන් කළ යුතු බවත්, අවම වශයෙන් ඉන් 08 ක් පමණ දැන් ඇත්තේ සායනික පරීක්ෂණයේ අවසන් අදියරයේ බවත් පෙන්වා දී ඇත.  

ඇය කියා සිටියේ “මෙයින් අදහස් කරන්නේ 2020 අග හෝ 2021 මුල් භාගය වන විට මෙම සායනික අත්හදා බැලීම් වල ප්‍රතිඵල, ඒවායේ ආරක්ෂිත බව සහ කාර්යක්ෂමතාව අපට දැන ගැනීමට හැකිවනු ඇති” බවයි.

(the leader)

The post සෞඛ්‍ය ඇමැතිනීගේ එන්නත් කතා නිසා ලංකාව ‘වසංගත එන්නත් පර්යේෂණාගාරයක්’ වේ දැයි බියක්! appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views