වීරවංශ ඉන්න තැන හොයල දුන්නොත් වටිනා පංචායුධයක් තෑගි දෙනවා

ඊනියා දේශප්‍රේමින් සිටින්නේ කොහේදැයි සොයාගත යුතුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කර සිටියේ කොළඹදී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී එම මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතා පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශ මහතා මින් පෙර කළ ප්‍රකාශයක්ද ගිවිසුම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සීතා අඹේපොල මහත්මිය සහ උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැඹුවා.

“ඉදිරි පැය 24තුල වීරවංශ මහත්තයා ඉන්න තැන හොයලා දෙන කෙනෙක්ට වටිනා පංචායුධයක් දිනා ගන්න පුළුවන්. සීතා මැතිණිය සොයා දෙන කෙනෙක්ට වටිනා කුඩයක් සහ ටෝච් එකක් දිනා ගන්න පුළුවන්. ගම්මන්පිළ හොයලා දෙන කෙනෙක්ට ඕස්ට්‍රේලියන් ඩොලර් 1000ක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views